(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නවතා තිබූ ත්‍රිරෝද රථවලින් මුදල් ඇතුළු දේපළ සොරාගත් අඹුසැමි යුවළත් මීගහතැන්න වල්ලෑවිටදී අද(12) අත්අඩංගුවට ගත් බව මතුගම පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ 23 සහ 32 වයස්වල පසුවෙති.
මීට දින කිහිපයකට ඉහතදී විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් එලෙස සොරාගෙන ඇති ජංගම දුරකතන 5ක් පොලිසිය බාරයට ගෙන ඇත.
ඔවුන් වලල්ලෑවිට නගරයේ පවත්වාගෙන යන විසිතුරු භාණ්ඩ වෙළඳසැළට භාණ්ඩ මිලදී ගැනීම සඳහා මෙසේ සොරකම් කර ඇතැයි පොලිසිය කියයි. විශ්‍රාමික හමුද සෙබළාගේ මුදල් පසුම්බියේ තිබූ ක්‍රෙඩිට් කාඩ් පතින් ලක්ෂ දෙකක මුදලක් දින දෙකකදී සොරාගෙන ඇති බවද එම මුදල්වලින් වෙළඳසැලට පාවහන් මිලදී ගෙන ඇති බවද අනාවරණය වී ඇත.
සැකකරුවන් මතුගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.