ත්‍රිරෝද රථයේ ගැටී යතුරුපැදිකරු මරුට


(චන්ද්‍රසිරි ගුණසේකර)

ඇල්පිටිය අම්බලන්ගොඩ ප්‍රධාන මාර්ගයේ අනුරුද්ධගම හංදිය අසලදී අද (05) සවස සිදුවූ රිය අනතුරකින් යතුරුපැදියක ගමන්ගත තරුණයෙකු මිය ගිය බව ඇල්පිටිය පොලිසිය පවසයි.


මියගොස් ඇත්තේ ඇල්පිටිය ඉගල ජයන්ති මාවතේ පදිංචි
නිෂද ලක්මල් ඈපා නැමැති 20 හැවිරිදි තරුණයෙකි.

කුරුදුගහතැප්ම සිට අම්බලන්ගොඩ දෙසට ධාවනය කරමින් සිටි ත්‍රිරෝද රථයක් අනුරුද්ධගම හංදියේදී අනුරුද්ධගම දෙසට හරවද්දී ඒ දෙසටම ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් ත්‍රිරෝද රථයේ දකුණු පස ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති  බව පොලිසිය පවසයි.බරපතල තුවාල ලැබූ යතුරු පැදියේ ගමන් කළ තරුණයා ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර කරමින් සිටියදී මියගිය බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

අනතුරට ලක්වූ ත්‍රිරෝද රථයේ රියදුරා ඇල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මියගිය තරුණයාගේ මරණ පරීක්ෂණය හෙට (06) සිදුකිරීමට නියමිතය. ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.