ත්‍රිරෝද රථයක් පෙරළී අයෙකුට බරපතලයි


(නිශාන්ත කුමාර)
බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ  ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් එම මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදී අද (10) උදෑසන මාර්ගය හරහා පෙරළී යාමෙන් එහි ගමන් ගත් පුද්ගලයෙකු ඊට යටවී බරපතළ තුවාල ලබා  මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පලාත් මහ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.

අනතුරින්  තුවාල ලබා ඇත්තේ වැලිකන්ද, සිංහපුර අංක 278 පදිංචි වයස අවුරුදු 38 ක   පුද්ගලයෙකි.

මහියංගනය දෙස සිට බදුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථය මාර්ගයේ වංගුවක් හැරවීමට යෑමේදී එක්වරම පෙරලී ගොස් ඊට යටවීමෙන් ඔහු තුවාල ලබා ඇත.

අනතුර සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.