(හැටන් රංජිත් රාජපක්ෂ)
ගම්පොල සිට ආගරපතන දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක් අඩි 50 ක ප්‍රපාතයකට පෙරලිමෙන් එහි ගමන් ගත් 4දෙනෙක් තුවාල ලබා නාවලපිටිය මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය.
අද (07) මෙම අනතුර සිදු වි ඇත්තේ නාවලපිටිය තලවකැලේ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය බොහිල් 8 කණුව ප්‍රදේශයේදීය.
අධික වේගයෙන් ධාවනය වි ඇති ත්‍රිරෝද රථයේ රියදුරාට නින්ද යාම හේතුවෙන් ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බව අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය සඳහන් කරයි.
අනතුරෙන් තුවාල ලැබු සිව්දෙනාම අවුරුදු 20 ත් 25 වයස් කාණ්ඩ වල පසුවන අය බවත්, අනතුර පිළිබඳව නාවලපිටිය පොලිසිය පරික්ෂණ පවත්වයි.