(විජේරත්න රත්නායක )
ඇල්ල වැල්ලවාය මාර්ගයේ ධාවනය වෙමින් පැවැති ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 45 ක පමණ ප්‍රපාතයකට පෙරැළි යාමෙන් එක් පුද්ගලයෙක් මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරුණු බව පොලීසිය පවසයි.
එම මාර්ගයේ කිලෝමීටර් 18-19 අතර 5/19 බෝක්කුව ආසන්නයේදී ඊයේ (31) සවස සිදුව ඇති මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ එම රථයේ රියදුරු වූ වැල්ලවාය වීරසේකරගම පදිංචිව සිටි ඩබ්.ඩී.නිහාල් සරත් චන්ද්‍රසේකර නමැති 61 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු දෙමෝදර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර එම රථයේ ගමන්ගත් ඉහත ලිපිනයේම පදිංචි ආබාධිත රණවිරුවෙකු වන ඩබ්.කේ.නිශාන්ත කුමාර යන අය බරපතල තුවාල සහිතව මොණරාගල සිරිගල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
රියදුරුට රථය පාලනය කරගත නොහැකි වීමෙන් අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.