ත්‍රිරෝද රථ අනතුරින් තිදෙනෙකුට බරපතල තුවාල


(මනම්පිටිය නිමල් ජයරත්න)
මහියංගණයේ සිට මනම්පිටිය දක්වා ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක් අද සවස 4.30 ට පමණ දළුක්ගහ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක වැදී සිදුවූ අනතුරින් එහි ගමන් ගත් තිදෙනෙකු බරපතල තුවාල ලබා මනම්පිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරඇති බව අරලගංවිල පොලිසිය කියයි.


අනතුරට හේතුව අධික වේගය සහ අපරික්ෂාකාරී රිය ධාවනය බව අරලගංවිල පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

බරපතල තුවාල ලබා ඇත්තේ මනම්පිටිය ප්‍රදේශයේ පදිංචි සිවිල් ආරක්ෂක නිලධරියකු ඇතුළු විවාහක යුවලකි.
මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අරලගංවිල පොලිසිය විසින් සිදුකරයි.