ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීම වෙනුවෙන් පිණ්ඩපාත චාරිකාවක්


(මොහොමඩ් ආසික්)
ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීම වෙනුවෙන් සහ එය ලෝක උරුමයක් කිරීමට ගන්නා උත්සාහයට ආශිර්වාද කිරීම සඳහා අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුසන්ත ඒකනායක ඉලංගසිංහ මහතාගේ උපදෙස් මත ප්‍රජා පොලිස් ඒකකය සහ  අලවතුගොඩ පොලීසියේ සියලු පොලිස් නිලධාරීන් සමඟ  අලවතුගොඩ වෙළඳ සංගමය එක්ව සංවිධානය කළ භික්ෂූන් වහන්සේලා 50 පනස් නමක් සහභාගී වූ පිණ්ඩපාත චාරිකාවක් අද (16) පෙරවරුවේ අලවතුගොඩ නගරයේ බොධීන් වහන්සේ අභියස සිට කොණකලගල ශ්‍රී විජිත මහා විහාරය දක්වා පැවැත්විණ.