(අමදෝරු අමරජීව)
දෙමළ ජාතික සන්ධානයට බලය හිමි ත්‍රිකුණාමලය නගර සභාවේ 2019 වර්ෂය සඳහා සභාපති නාගරාසා රාසනායගම් මහතා ඉදිරිපත් කළ අයවැයට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ඇතුලු පක්ෂ කිහිපයක් එක්ව සහය ලබාදී (13) අයවැය සභා සම්මතකර ගනු ලැබුහ.
අයවැයට දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු නව දෙනාට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු හතර දෙනා , ස්වාධින මන්ත්‍රීවරු දෙදෙනා සමඟ එක්සත් ජාතික පක්ෂයේ එක් මන්ත්‍රීවරයෙකුද ,ශ්‍රි ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරයා, සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරයා සමඟ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයාද අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කලහ.
පක්ෂව ඡන්ද 19ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ එක් ඡන්දයක් පමණි.ඒ අනුව වැඩි ඡන්ද 18කින් අයවැය සභා සම්මත විය.
විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ එස්.සිවකුමාර් මහතා පමණි. ඔහු විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරමින් මෙය ජනතාවාදි අයවැයක් නොවන බව කීවේය.
එක්සත් ජාතික පක්ෂයේ එක් මන්ත්‍රිවරයෙක් ඡන්දය දීමෙන් වැළකි සිටි අතර තවත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් සභාවට නොපැමිණියේය.