(රංජිත් රාජපක්ෂ)
මස්කෙළිය සාමිමලේ සිට හැටන් දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් පියා සහ පුතා සුළු තුවාල ලබා ඇතැයි නොර්වුඩ් පොලිසිය පවසයි.
අද (15) උදෑසන 8 පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ සාමිමලේ හැටන් ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් දියසිරිගම ප්‍රදේශයේදීය.
අධික වේගයෙන් ධාවනය වී ඇති ත්‍රිරෝද රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ ලොරි රථයකට ඉඩ ලබා දීමට යාමේදී ත්‍රි රෝද රථයේ වේගය පාලනය කරගත නොහැකිව රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී ඇති බව අනතුර පිළිබඳව පරික්ෂණ පවත්වන නොර්වුඩ් පොලිසිය පවසයි.