තහනම් තංගුස් දැල් තොගයක් කල්පිටියෙන් අල්ලයි


(පද්මා කුමාරී කංකානම්ගේ සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
අලවිය සඳහා සූදානම් කර තිබූ   නීති විරෝධී තංගුස් දැල් කට්ටල කිලෝ ග්‍රෑම්  245 ක් කල්පිටිය මණ්ඩල කුඩාව දැල් වෙළද සැලකදී එහි හිමිකරු ද සමඟින්  ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුවේ පුත්තලම කාර්‍යාලය මගින් අද (18)  අත්අඩංගුවට ගෙන ඇත.

 
අත් අඩංගුවට ගැනීම  පිළිබදව  පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත්  චන්ද්‍ර නායක මහතාගෙන් විමසීමේ දී  ඒ මහතා ප්‍රකාශ කළේ තංගුස් දැල්  භාවිතය  නිසා සයුරේ සහ කළපුවේ ජලජ පද්ධතියටත් ජලජ ජීවීන්ටත් විශාල 
වශයෙන් හානි පැමිණෙන බවය.
 
1996 අංක දෙක දරණ ධීවර හා ජලජ සම්පත්  පනතින් තංගුස් දැල් සන්තකයේ තබා ගැනීම ධීවර කටයුතුවල නියැලීම සපුරා  තහනම් බව ඒ මහතා පැවසුවේ ය.