තලාව ගම්වැසියෝ පාරට බසිති


(ජේ.කේ.එල් චාමින්ද  සහ සුමතිපාල දියගහගේ)          

                                                   
තලාව  නවදගල අලිකැහේන මාර්ගය අලුත්වැඩියා කරදෙන ලෙස ඉල්ලා  ප්‍රදේශවාසීන් පිරිසක්  අද (14) තලාව මාර්ගයට හැරෙන හන්දියේ දි  විරෝධතාවයක නිරතවුහ.


විරෝධතාකරුවන් සටන්පාඨ ලියු වැකි ප්‍රදර්ශනය කරමින්  තලාව කණිෂ්ඨ විද්‍යාලය අසල සිටි පාගමනින්  තලාව  හන්දියට පැමිණ විරෝධතාවයේ නිරත විය. 


වසර අටකින් මෙම මාර්ගයේ  කිසිදු අලුත්වැඩියාවක් සිදුනොකළ බව විරෝධතාකරුවෝ  පවසති. 


මෙකී මාර්ගයේ කොටසක් කාපට් දමා සකස් කර ඇතිබව පවසන විරෝධතාකරුවන් කිලෝමිටර් තුනක් පමණ දැඩි අබලන් තත්වයේ පවතින බවද ඔවුහු  පවසති.