තල්ගහගොඩ විහාරයේ පිළිම විනාශ කර නිධන් හෑරූ තිදෙනෙක් අත්අඩංගුවට


(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
 
ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමට තල්පත් ලබාගත් මාතලේ ඇටිපොළ ඓතිහාසික තල්ගහගොඩ රජමහා විහාරස්ථානයේ විහාරගේ දොර කඩා ඇතුළු වූ පිරිසක් විසින් එහි තිබු පිළිම 5 ක් විනාශ කර නිධන් ලබා ගැනීමට උත්සහ කර ඇතැයි  යටවත්ත පොලිසිය පවසයි.

ක්‍රිස්තු පුර්ව 1 වන සත වර්ෂයට අයත් මෙම විහාරස්ථානයේ ලෙන් 9 ක් තුළ භික්ෂුන් වහන්සේලා වැඩ සිටි බවත් එම යුගයේ දෙමළ බසින් සෙල්ලිපි පවතින රජමහ විහාරස්ථානයක් වන මෙම විහාරයේ මිල කළ නොහැකි පිළිම රැසක් නිධන් හොරුන් අතින් විනාශ වි තිබේ.

යටවත්ත හා මාතලේ පොලිසිය විසින් අදාළ සිදුවිම පිළිබඳ සිදු කරන ලද පරීක්ෂණයන්ගෙන් සිද්ධියට අදාළ බවට සැකකරන මාතලේ අලුවිහාරේ හා උකුවෙල ප්‍රදේශයන් හි පදිංචි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබයි.

එම විහාරස්ථානයේ භාර කර ස්වාමින් වහන්සේ වන අලුවිහාර විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය ඉනාමළුවේ නන්දරතන හිමි සඳහන් කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අදහසකට අනුව ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත්කර මාසයක් යන්නටත් පෙර මේ සිදුවු විනාශය මෙතෙකැයි කියා කිව නොහැකි බවයි.

මෙම ප්‍රතිමා ක්‍රිස්තු පුර්ව 1 වැනි සියවසට අයත් පිළිමයි ඒවා යළි ප්‍රතිසංස්කරණය කළ නොහැකි අන්දමට අමානුෂික ලෙස විනාශ කර නිධන් ලබා ගැනීමට තැත් කළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නිසි දඬුවම් දීම රජයේ වගකිමක් බවත් මෙවැනි පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථාන ආරක්ෂා කිරිමට රජය මීට වඩා මැදිහත් විය යුතු බවත් ද විහාරාධිපතිවරයා සඳහන් කළේය.