රංජිත් රාජපක්ෂ
තලවකැලේ ලිදුලි නගර සභා සිමාවේ හෙට (15) දින පැය 8 ක කාලයක් පානිය ජලය ලබා දිම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජල ප්‍රවාහනය මණ්ඩලය පැවසිය.
තලවකැලේ ජල සම්පාදන මණ්ඩලයේ ජල පවිත්‍රාගාරයේ එක්රැස් වි ඇති රොන්මඩ ඉවත් කිරිම සදහා මෙසේ හෙට (15) දින උදැසන 8 සිට පැය 8 ක කාලයක් පානිය ජලය ලබාදිම අත්හිටුවන බව තලවකැලේ ජල සම්පාදන ජල ප්‍රවාහන මණ්ඩලයේ ස්ථනාධිපතිවරයා කියා සිටියේය.