තලවකැලේ රිය අනතුරකින් 4ක් රෝහලේ


(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගයේ තලවාකැලේ, ශාන්ත ෆැට්ට්‍රික් දේවාස්ථානය අසළ වෑන් රථයක් මාර්ගයේ කණ්ඩියේ හැපී එහි රියදුරු ඇතුලු සිව් දෙනෙකු බරපතල තුවාල ලබා නුවරඑළිය මහ රෝහල වෙත ඇතුළත් කළ බව තලවාකැලේ පොලීසිය පවසයි.                          
අනතුර සිදු වන අවස්ථාවේ වෑන් රථයේ පුද්ගලයන්  08 දෙනෙක් ගමන් කර ඇති බවත් පොලීසිය පවසයි.                                                         
තුවාලකරුවන්ගෙන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බවත්,  ඔවුන්  නුවරඑළිය මහ රෝහල වෙත යැවීමට පියවර ගත් බවත් පොලීසිය කියයි.                                     

කිරිබත්ගොඩ සිට  ශ්‍රීපාද වන්දනාවේ පැමිණ නුවරඑළියේ ඥාතියෙකුගේ නිවසට යමින් සිටියදී මෙසේ අනතුරට පත්ව ඇත.       

රියදුරාට නින්ද යාම හේතුවෙන් මාර්ගයේ  කණ්ඩියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව තලවාකැලේ පොලීසිය කියයි.