බිමල් ශ්‍යාමන් ජයසිංහ
දෙහිවල නගරයේ රාජ්‍ය බැංකුවක් තුළදී යාපනයේ පදිංචි තරුණයකු රවටා රුපියල් ලක්ෂ දෙකක මුදලක් සොරා ගෙන පලා ගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා සිසිටිවී දර්ශන ආධාරයෙන් පරික්ෂණ පවත්වන බව දෙහිවල පොලිසිය කියයි.
සේවය කරන ස්ථානයේ හිතවතුන් සමඟ දමන ලද සීට්ටුවකට එකතු කරන ලද රුපියල් දෙලක්ෂ හැත්තෑ අට දහසක මුදල සිට ගිණුමේ තැන්පත් කිරිම එම තරුණයා බැංකුව වෙත පැමිණ ඊට අදාළ රිස්ට්පත සම්පුර්ණ කරමින් සිටියදී පුද්ගලයතු ඔහු අසලට පැමිණ ‘අයියෝ මල්ලී ඕවා පුරවන්න ඕනෑ නැහැ පෝලිමේ ඉන්න ඕනේ නෑ.මැෂින් එකෙන් සල්ලි දාන්න මම උදව් කරන්නම්’ යැයි පවසා එම තරුණයාව බැංකුව ඉදිරිපිට ස්ථාන ගත කර තිබෙන මුදල් තැන්පත් කරන යන්ත්‍රය වෙත උපක්‍රමශීලිව රැගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.