තඹ සොරාගත් සේවකයින් දෙදෙනා අත්අඩංගුවට


(කරාපිටිය - ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)                                                 
ගාල්ල බටදූව පෞද්ගලික ආයතනයක ගබඩාව බිඳ රුපියල් 47,000/- ක් වටිනා තඹ කම්බි සහ තඹ පටි කිලෝ ග්‍රෑම් 97ක්  සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකපිට එම ආයතනයේම සේවකයින් දෙදෙනෙක් අද (09) සවස  අත්අඩංගුවට ගත් බව අක්මීමණ පොලීසිය කියයි.

සොරකම් කරන ලද තඹ තොගයද කටුගොඩ, පෙට්ටිගලවත්ත, තනිපොල්ගහ යන ප්‍රදේශවල පරණ යකඩ මිලයට ගන්නා ස්ථානවලට විකුණා තිබියදී පොලිසිය බාරයට ගෙන තිබේ.

පොලීසිය පවසන්නේ සැකකරුවන් රාත්‍රී වැඩ මුරයේ සේවයේ නියුතුව සිටියදී මෙම සොරකම සිදුකර ඇති බව මූලික විමර්ෂණයේදී අනාවරණය වූ බවයි.

අවුරුදු 24 සහ 26 වයසේ පසුවන සැකකරුවන් හිනිදුම්ගොඩ සහ බටදූව මල්ගහ හන්දියේ ස්ථිර පදිංචිකරුවන් බව පොලීසිය කියයි.

සැකකරුවන් සහ පොලීසිය භාරයට ගන්නා ලද සොරකම් කරණ ලද තඹ තොගය හෙට (10) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අක්මීමණ පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.