තබ්බෝව ජලාශයේ වාන් දොරටු 2ක් අරී


(ජයරත්න වික්‍රමාරච්චි)
 
පුත්තලම් දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශයක් වන කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන් දොරටු 2ක් අඟල් 6 බැගින් අද(24) රාත්‍රී 7ට පමණ විවෘත කළ බවත් එමගින් තප්පරයකට ජලය ඝණ අඩි 240ක්  මුදා හැරෙන බවත් පුත්තලම වාර්මාර්ග කාර්යාලය පැවසීය.
 
වාන් දොරටු 20න් සමන්විත තබ්බෝව ජලාශයේ ජලධාරිතාවය අක්කර අඩි 15, 400ක් වන අතර මෙම ජලාශයේ වාන් මට්ටම උස අඩි 18කි.
 
කරුවලගස්වැව ප්‍රදේශයට  මහ වැසි ලැබීමක් සිදුනොවුණ ද වැසි ජලය රජවිබැදි ඇළ ඔස්සේ මේ දිනවල තබ්බෝව ජලාශයට ලැබෙන බවත් පුත්තලම වාරි මාර්ග කාර්යාලය වැඩිදුරටත් සදහන් කළේය.