(හර්ෂණ තුෂාර සිල්වා තන්තිරිමලේ සිට)
‘ලංකාදීප පොසොන් ආලෝක පූජාවට’ සමගාමීව මහවිලච්චිය ශාසනාරක්ෂක බල මණ්ඩලය සහ මහවිලච්චිය ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ ‘බොදු බැති ගී සරණිය තන්තිරිමලේ රජ මහ විහාරස්ථාන පුද භූමියේදී පැවැත්විණි.
විජය පුවත්පත් සමාගම පහළොස්වැනි වරටත් සංවිධානය කළ ‘තන්තිරිමලේ ලංකාදීප පොසොන් ආලෝක පූජාවේ’ දෙවැනි දිනය වූ ඊයේ දිනයේදී තන්තිරිමලේ පුදබිමේ පැවැති බොදු බැති ගී සරණියට අවට දහම් පාසල් 14ක කණ්ඩායම් සහභාගී වුහ.
බොදු බැති ගී සරණියට සහභාගී වූ දහම් සිසු සිසුවියන්ට ‘ලංකාදීප’ සහ ‘විජය පුවත්පත් සමාගමේ’ අනුග්‍රාහකත්වයෙන් සහභාගීත්ව සහතික පත් ද පිරිනැමිණි.
මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් ඊ.එම්.ආර් තිලකරත්න, විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ ලාල් ජයවර්ධන, සහකාර සාමාන්‍යාධිකාරි (වෙළෙඳ හා සන්නාම) සුජිත් පතිරන්නැහැ, සහකාර සාමාන්‍යාධිකාරි නිමල් වික්‍රමසිංහ, සහ සහකාර සාමාන්‍යාධිකාරි (විදුලි) නලින් නිවුන්හැල්ල යන මහත්වරුන් අතින් සිසු සිසුවියන් වෙත සහතික පත්‍ර පිරිනමනු ලැබිණි.
මහා සංඝරත්නය, දහම් පාසල් ආචාර්යවරුන්, සිසු සිසුවියන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
( ඡායාරූප- ශාන්ත රත්නායක )
බැති ගී සඳහා සහභාගී වු කණ්ඩායම් කිහිපයක ඡායාරූප