තංගල්ලේ සුරාසැල් අසල ජනතාව පොරකති


අනීෂා මානගේ

ඇඳිරිනීතිය ඉවත්කළ ප්‍රදේශවල සුරාසැල් විවෘත කිරීමට ගත් තීරණයක් හේතුවෙන් තංගල්ල නගරයේ සුරාසැල් අසල ජනතාව ඒකරාශී වීමෙන් දැඩි නොසන්සුන්තාවක් අද(13) දක්නට හැකිවිය.

දීර්ඝ කාලයක් තිස්සේ වසාදමා තිබුණු සුරාසැල් විවෘත කිරීමෙන් පසු පාරිභෝගික ජනතාව විශාල පිරිසක් සුරාසැල් අසල රැඳි සිටිනු දක්නට ලැබිණි.

සෞඛ්‍ය අංශ නියම කළ සෞඛ්‍යආරක්ෂිත ක්‍රමවේද උල්ලංඝනය කරමින් ඒකරාශී වෙමින් ජනතාව කලබලකාරී ලෙස හැසිරුණු අතර සමාජ දුරස්ථබාවය පවත්වා ගැනීම සඳහා තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන්ටද මැදිහත්වීමට සිදුවිය.

කෙසේ වුවද පොලිස් නිලධාරීන්ටද ජනතාව පාලනය කරගැනීමට අපහසු වූ ආකාරය දක්නට හැකිවිය.

සුරාසැල් අසල ජනතාව ඒකරාශී වී සිටීම හේතුවෙන් තංගල්ල ඇන්නපිටිය මාර්ගයේ අධික රථවාහන තදබදයක්ද හටගෙන තිබිණ.