ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ ගුණ සැමරේ



 
(දයාරත්න ඇඹෝගම)
 
යාපනය ආරාලි තුඩුවේදි කොටි ත්‍රස්වාදින්ගේ බිම් බෝම්බයකට හසු විමෙන් 1992 අගෝස්තු 8 වැනි දා අභාවප්‍රාප්ත වු  සෙන්පති ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව මහතාගේ 26 වැනි ගුණසැමරුම් උත්සවය අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට ඉදිකර පිළිරුව අභියසදී අද (8) උත්කර්ශවත් අයුරින් සිදු කෙරිණි.


මෙම අවස්ථාවට ඩෙන්සිල් කොබ්බැකඩුව මහතාගේ බිරිඳ ලලි කොබ්බැකඩුව මහත්මිය, දු දරුවන් ඇතුළු ඥාතින්ද, ආරක්ෂකසේනා මුලස්ථානයේ බටහිර ආඥාපති සන්නාහ සන්නද්ධ බළකා සේනා විධායක මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා ඇතුළු උසස් හමුදා ප්‍රධානීන් පිරිසක් ද එක්ව සිටියහ.