(අම්පාර වසන්ත චන්ද්‍රපාල)
අම්පාර කල්මුනේ මාර්ගයේ වලතපිටිය ප්‍රදේශයේදි ටිපර් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් දෙදෙනෙක් මිය ගොස් එක් අයෙක් තුවාල ලබා තිබේ.
වෑන් රථය අම්පාර සිට කල්මුනේ දෙසට යමින් තිබු අතර ටිපර් රථය කල්මුනේ සිට අම්පාර දෙසට ධාවනය වෙමින් තිබියදි මෙම අනතුර සිදුව තිබේ.
මෙම අනතුර නිසා වෑන් රථයට සහ ටිපර් රථයට බරපතල හානි සිදුව ඇත. අනතුරින් මියගොස් ඇත්තේ පිලිමතලාව දවුලගල ප්‍රදේශයේ පදිංචි යුවලකි.
මෙම අනතුර පිළිබඳව සමන්තුරේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.