ටිපර් යතුරුපැදි ගැටුමෙන් අයෙක් මරුට


 

(අනීෂා මානගේ)

තංගල්ල - තිස්සමහාරාම ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර 198 කණුව අසලදී ටිපර් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් පුද්ගලයකු අද(22) ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගැටමාන්න උතුර ගොඩකඳුරහේන ප්‍රදේශයේ පදිංචි ලීලතුංග කළුතොටගේ(71) නම් අයකු බව පොලිසිය කියයි.

තංගල්ල - තිස්සමහාරාම ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර 198 කණුව අසලදී පෙරවරු 8.30ට පමණ මෙම අනතුර සිදුව තිබිණි.  තුවාලකරු රෝහල්ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති ඇතැයි පොලිසිය කියයි.

කෙසෙල් පැළ කිහිපයක් සිය යතුරුපැදියෙහි පටවාගෙන යමින් සිටියදී ටිපර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.