(ටෝනි කරුණානායක)
මිනුවන්ගොඩ කුඩාගොඩ ප්‍රදේශයේ පිහිටි ඉඩමක පස් කැපීම සඳහා බැකෝ යන්ත්‍රයක් රැගෙන ආ ට්‍රැක්ටරය පැදවීමට උත්සාහ කළ ඉඩම් හිමිකරු එම ට්‍රැක්ටරයෙන් බිමට වැටී මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය අද (16) පැවසීය.
මිනුවන්ගොඩ කුඩාගොඩ,කෙරමිනිය ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි හේවාසිරි පේඩිගේ ධර්මසිරි නැමති ඉඩම් හිමිකරු මෙසේ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ දී මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
එම ට්‍රැක්ටරය නියම ආරක්ෂක උපක්‍රම භාවිතා නොකර නවතා තබා නොසැළකිලිමත් ක්‍රියාවක් සිදු කර පුද්ගලයකුගේ මරණය සිදුකිරිම සම්බන්ධයෙන් එම ට්‍රැක්ටරයේ හිමිකරු අත්අඩංගුවට ගත් බවත් ට්‍රැක්ටරයේ හිමිකරු අධිකරණයට ඉදිරිපත් කරන බවත් මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුරටත් පැවසීය.
මරණකරුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය අද (16) ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ දී පැවැත්වීමට නියමිතය.