ට්‍රැක්ටරයක ගැටී පුද්ගලයකු මරුට



 
සිතුම් චතුරංග
 
යාපනය  කොඩිකාමම් , පූතූර් මාර්ගයේ ධාවනය වූ ටිපර් රථයක් අද (31) අත්ට්‍රැක්ටරයක ගැටී සිදුවු අනතුරකින් පුද්ගලයකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි චාවකච්චේරිය පොලිසිය පවසයි.

කොඩිකාමම් සිට පූතුර් දක්වා ගමන්ගත් වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයට ඉදිරියෙන් ගමන් කරමින් තිබූ අත්ට්‍රැක්ටරයේ ගැටී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ ටිපර් රථයේ රියදුරු වූ මුලතිව් විශ්වමඩු පදිංචි සිවනුපිල්ලෙයි රජීවන් නැමති 24 හැවිරිදි තරුණයෙකි.

අනතුරින් තුවාල ලැබූ අත්ට්‍රැක්ටරයේ රියදුරු හා ටිපර් රථයේ රිය සහයකවරයා චාවකච්චේරි රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහල වෙත මාරුකර යවා තිබේ.

ටිපර් රථ රියදුරුගේ අධික වේගය හේතුවෙන් රථය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ ටිපර් රථයේ රියදුරු චාවකච්චේරි රෝහල වෙත ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.