(ජේ.කේ.එල්. චාමින්ද)
ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හික්කඩුව නගරයේ දි ත්‍රිරෝද රථයක් හා ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් වු අනතුරකින් ත්‍රිරෝද රථරියදුරු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව හික්කඩුව පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ කහව ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි වියේ පසුවන අයෙකි.
ත්‍රිරෝද රථය ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබී ඇති අතර ට්‍රක් රථය ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබියදි මෙම අනතුර වී ඇති බව පොලිසිය පවසයි.
අනතුරට අදාල ට්‍රක් රථයේ රියදුරු හික්කඩුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හික්කඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.