ඥාණසාර හිමි නිදහස් කර ගැනීමට අධිෂ්ඨානශිලි පා ගමනක්


දීපාල් ද සිල්වා

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්  ගලගොඩ අත්තේ ඥාණසාර  හිමියන් නිදහස් කරගැනීම වෙනුවෙන් අධිෂ්ඨානශිලි පා ගමනක් ගාල්ලේ සිට කොළඹ දක්වා ගමන් ඇරඹු පාගමන අද (18) සවස සීනිගම දේවාලය අසලින් පලමු දිනය අවසන් කෙරිනි. 

සිව්වනක් පිරිස මෙම පාගමනට එක්වන බව බද්දේගම විමල හිමියන් පැවසූහ.පා ගමන නතර කිරීමෙන් පසු සීනිගම දෙවාලයේ බෝධිය අසලදී බෝධි පූජාවක් පවත්වා ඥාණසාර  හිමියන්ට ආශිර්වද ප්‍රර්ථනා කළේය. මෙම පා ගමන හෙට උදැසන කොළඹ බලා ගමන් කිරීමට නියමිතයි.