ඤාණිස්සර හිමිගෙන් මිද්දෙණියට රෝහලක්


ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක, ජේතවන බෞද්ධ විහාරාධිපති මුරුංගාගස්යායේ ඤාණිස්සර මාහිමිපාණන් වහන්සේ විසින් මිද්දෙණිය ග්‍රාමීය රෝහල් පරිශ්‍රයේ ඉදි කරවන ලද වාට්ටු සංකීර්ණය 2016.06.25 වන දින ප:ව 6.00 ට ජනතා අයිතියට පත් කෙරේ. එදිනම රාත්‍රී 8.30 සිට අභිනව වාට්ටු සංකීර්ණය තුළ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශණාවක් ද පැවැත් වේ.

රණවිරුවන් සිහි කිරීමේ අරමුණින් ඉදි කළ මෙම වාට්ටු සංකීර්ණය ඇඳන් 20 බැගින් වූ කාන්තා හා පිරිමි වාට්ටු දෙකකින් ද, භික්ෂුන්   වහන්සේලා සහ සිල් මාතාවන් සඳහා  වෙන වෙනම ඇඳන් 2 බැගින් වූ කාමර දෙකකින් ද, රෝගීන්,වෛද්‍ය, හෙද හා අනෙකුත් කාර්ය මණ්ඩලයන් සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලින් ද සමන්විත වේ.

ජූනි 26 වැනිදා දින පෙ:ව 8.30 සිට ප:ව 2 .30 දක්වා මිද්දෙණිය හා අවට ප්‍රදේශ වාසීන් වෙනුවෙන්, විෂේශඥ වෛද්‍යවරුන්ගේ ද සහභාගීත්වයෙන් නොමිලේ වෛද්‍ය සායනයක් පැවැත් වේ. එහි දී ස්නායු රෝග, හදවත් රෝග, අක්ෂි රෝග දියවැඩියා රෝග ළමා රෝග සහ  දන්ත රෝග  පිළිබඳව විශේෂ අවධානය යොමු කරන අතර,  මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි පදනම මගින් එදින සහභාගි වන රෝගීන් සඳහා නොමිලයේ ඖෂධ සහ ඇස් කණ්ණාඩි ලබා දීමට ද කටයුතු කෙරේ. ලේ දන්දීමේ පින්කමක්ද  එදින  පැවැත්වේ.                                                                                                      

26 වැනිදා පැවැත්වෙන වෛද්‍ය සායනයට තම දායකත්වය ලබා දෙන ලෙසට මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි පදනමේ ශිෂ්‍යත්ව ලාභී වෛදවරුන් වෙතින් කාරුණික ඉල්ලීමක් ද එම පදනම මගින් සිදු කෙරේ. ඊට දායකත්වය ලබා දීමට කැමති වෛද්‍යවරුන් 2016.06.20 දිනට පෙර වෛද්‍ය චාමර  සුරංග  0777609991 දුරකථන අංකයට ඒ බව දැනුම් දීම මැනවැයි පදනමේ ගරු ලේකම් පූජ්‍ය කිරින්දේ පේමසිරි හිමියෝ දන්වා සිටිති.

Aradhna13407527_502146419995153_1286363776_n-(1)