ජෙලට්නයිට් පුපුරන ද්‍රව්‍ය තබාගත් පුද්ගලයකු අල්ලයි


(ත්‍රිකුණාමලය අමදෝරු අමරජිව)

කින්නියාව පොලිස් වසමට අයත් කෙරියාතුමුනෙයි ප්‍රදේශයේදි අද (09) ජෙලට්නයිට් නැමැති පුපුරන ද්‍රව්‍ය කූරූ54ක් හා සේවා නුලක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු නාවික හමුදාව හා ත්‍රිකුණාමලය කොට්ඨාස දුෂණ මර්ධන පොලිස් නිලධාරින් එක්ව සිදුකල වැටලිමකදි අත්අඩංගුවට ගැනිමට සමත්වුහ.

නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව මෙම වැටලිම සිදුකල අතර අත්අඩංගුවට ගත් ජෙලට්නයිට් පුපුරණ ද්‍රව්‍ය වල බර කිලෝ ග්රූම් 7යි ග්රූම් 250ක් වේ.අඩි 50ක් දිග සේවා නුලක් තිබිනැයි පොලිසිය කියයි.සැකකරු සමග ජෙලට්නයිට් හා සේවා නුල වැඩිදුර පරික්ෂණ සදහා කින්නියා පොලිසියට භාරදී තිබේ.