සම්බුදු තෙමඟුල නිමිත්තෙන් විපස්සි බෞද්ධ මධ්‍යස්ථානයේ අනුශාසකත්වයෙන්, අධ්‍යක්ෂතුමන්ගේ සහ ප්‍රධාන හෙද නිලධාරිනියගේ උපදේශකත්වයෙන් ශ්‍රී ලංකා ජාතික රෝහලේ පැතුම් බෝධි මළුවේදී අප්‍රේල් 27 වැනිදා සිට මැයි 3 දක්වා පිංකම් මාලාවක් පැවැත්වේ.
දිනපතා පස්වරු 4 සිට ධර්ම දේශනා, ආශිර්වාද බෝධි පූජා, පිරිත් දේශනා, අටවිසි බුද්ධ වන්දනා ඇතුළු පිංකම් රැසක් සංවිධානය කර ඇත. මැයි 3 වැනිදා වෙසක් පොහෝ දින කුප්පියාවත්ත ජයසේඛරාරාමාධිකාරී තලල්ලේ ධම්මදේව හිමියන්ගේ මෙහෙයවීමෙන් විශේෂ අටවිසි බුද්ධ පූජාවක්ද පැවැත්වීමට නියමිතය.