පකිස්ථානයේ කරච්චිහිදි පවත්වන ලද අමාන් ( 2019) නාවික අභ්‍යාසයට සහභාගී වී සිටිව ශ්‍රී ලංකා නාවික නෞකා ‘සයුරළ‘ නෞකාව අබුඩාබිහි දී ආරම්භ වු ජාත්‍යන්තර ආරක්‍ෂක ප්‍රදර්ශනය සහ සමුළුව - 2019 සඳහාද එක් විය .
කලාපයේ රටවල්වල සන්නද්ධ හමුදා අතර ශක්තිමත් සබඳතා පවත්වාගත හැකි වේදිකාවක් නිර්මාණය කර දීම අරමුණ කරගනිමින් ජාත්‍යන්තර ආරක්‍ෂක ප්‍රදර්ශනය සහ සමුළුව දෙවසරකට වරක් අබුඩාබි නුවර ජාතික ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පවත්වනු ලබයි.
ඒ අනුව, මැද පෙරදිග සහ උතුරු අප්‍රිකානු කලාපයේ සංවිධානය කරනු ලබන එකම ජාත්‍යන්තර ප්‍රදර්ශනය මෙය වන අතර, ආරක්‍ෂාවට අදාල ගොබඩිම්, සාගර සහ ගුවන් යන අංශයන්ගේ භාවිතාවන නවිනතම තාක්‍ෂණික අංගෝපාංගයන් මෙහිදී ප්‍රදර්ශනය කෙරේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති, ෆයික් කලීෆා බින් සයිඩ් අල් නයාන් මහතාගේ ප්‍රධානත්වයෙන් ජාත්‍යන්තර ආරක්‍ෂක ප්‍රදර්ශනය සහ සමුළුව අබුඩාබි නුවර ජාතික ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී ඇරැඹිණි.
මේ අවස්ථාව සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් රෂිඩ් අල් මැක්ටොම් මහතා ඇතුළු රටවල් රැසක ත්‍රිවිධ හමුදා නිලධාරින් සහ නියෝජිතයින් රැසක් සහභාගිවි සිටි අතර, මෙම ආරක්‍ෂක ප්‍රදර්ශනය හෙට ( 21) අවසන්විමට නියමිතව ඇත.
(36698)
( ඡායාරූප නාවික හමුදා මාධ්‍ය අංශය )