ජවිපෙ ජාතික ලැයිස්තුවට හිටපු විගණකාධිපති


මහා මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය ජාතික ලැයිස්තුවට හිටපු විගණකාධිපති එස්.සී.මායාදුන්නේ මහතා ප්‍රධාන උගත් විද්වතුන් , නීතිවේදීන් , පරිසරවේදීන්,ජනමාධ්‍යවේදීන්, කලාකරුවන් ගෙන් සමන්විත පුද්ගලයන් 29 දෙ‍නෙකු නම් කරනු ලැබ ඇත.

එම පක්ෂය විසින් සිය ජාතික ලැයිස්තුවට නම් කළ සෙසු පුද්ගලයින් වනුයේ නීතිවේදීන් වන ක්‍රිෂ්මාල් වර්ණසූරිය , උපුල් කුමරප්පෙරුම, මහාචාර්යවරුන් වන ඒ.ජේ.රුහුණු හේවගේ, මහාචාර්ය සුසිරිපාල මානවඩු,මහාචාර්ය කපිල පෙරේරා,ආචාර්ය කේ.එස්.චනද්‍රබෝස්, පරිසරවේදී සජීව චාමිකර , මාධ්‍යවේදී විනී හෙට්ටිගොඩ, කලාකරුවන් වන සරණපාල ජයසූරිය , අනුරුද්ධ ජයසිංහ,අනුර ශ්‍රීනාත් ඇතුළු පිරිසක්ද වෙති.