( එච්. චන්දන )
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් ලබාදෙන ජලය දැනට දින 5 ක සිට නොලැබුණු බව කියමින් ප්‍රදේශවාසීහු අද (16) උදෑසන පුත්තලම එම කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් ඇරඹුහ.
එක් දිනක් ජලය නිකුත් නොකර බව පවසා දින 5 ක් ජලය ලබා නොදීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්වී ඇති බවත්,මේ නිසා ඇඳුම් සොදා ගැනීමට නොහැකිව අද දින සමහර දරුවන් පාසල් නොගිය බවත් ඔවුහු පවසති.
එම පිරිස අතර එක් පුද්ගලයකු එම කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව අවහිර වන ලෙස පෙට්‍රරල් බෝතලයක් තබා ගෙන මෙයට නිසි විසඳුමක් නොලැබේ නම් තම සිරුරට ගිනි තබා ගන්නා බවද බව ඔහු පවසයි.
අපිට නල ජලය නොමැති නම් ජලය ලබා ගැනීමට කිසිදු වැවක්, ළිඳක් නොමැති බවත් නල මගින් ජලය දෙන්න අපහසු නම් බවුසර් මගින් ජලය ලබාදීම යුතුකමක් වන බවත් මෙම ආයතනය කිසිදු වගකීමකින් තොරව වැඩ කරන බව ගම්මු චෝදනා කරති.
මේ පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ දිස්ත්‍රික් ඉංජිනේරු අරුණ රන්දෙණිය මහතාගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ නව ජලනල පද්ධතියේ වැඩ කටයුතු නිසා කිසියම් ප්‍රමාදයක් සිදුවන බවත් අද (16) සවස් වන විට ජලය ලබාදීමට හැකි බවත්ය.