ජල නලයක් පිපිරීමෙන් පාසල් තාප්පය පෙරැළෙයි


 

(ප්‍රියානි මංගලිකා )

                         

නිකවැරටිය මහසෙන්  ජාතික පාසල අසල මහව මාර්ගයේ  අද (30) අලුයම ප්‍රධාන ජල නලයක් පිපිරී යාමෙන්  පාසල් ඉදිරිපිට තාප්පය  පෙරැළී ගොස් ක්‍රීඩා ගාරයකට ද හානි සිදුව ඇත.

පාසල් ආරක්ෂක අංශ සඳහන් කළේ අද අලුයම 1.30 ට පමණ හදිසියේම  විශාල ජල කඳක් පාසල තුළට  ගලා ආ බවත්  තාප්පය කඩා වැටුණු බවත්, අදාළ අංශ වෙත  දැනුම්  දුන් බවයි.


මේ වන විට ප්‍රදේශයේ ජල සැපයුමෙ ද ඇනහිට ඇති අතර, පුපුරා ගිය ජල නලය  කඩිනමින් යථාතත්වයට පත් කිරීමට පියවර ගන්නා බවද ජල සම්පත් මණ්ඩලය පවසයි.


මේ දිනවල නිකවැරටිය මහව ප්‍රධාන මාර්ගය කාපට් කර සංවර්ධනය කිරීම ද සිදු කෙරෙන අතර ,කුමන හේතුවක් මත ජල නලය පුපුරා ගියේ ද යන්න පිළිබඳව ජල සම්පාදන මණ්ඩලය පරීක්ෂණ සිදුකරයි.