(ජයන්ත සමරකෝන්)
නළ ළිඳකින් ජලය ලබාගන්නා බව පෙන්වමින් භූගත ජල ටැංකියක් මගින් වසර 15ක් තිස්සේ හොරෙන් ජලය ලබාගත් ව්‍යාපාරිකයකුට මාළිඟාකන්ද මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා විසින් රුපියල් 5000ක දඩයක්ද, මණ්ඩලයේ දඩමුදල ද ගෙවීමට නියම කර තිබේ.
මෙසේ දඩ නියමවූයේ පංචිකාවත්තේ වාහන අමතරකොටස් ව්‍යාපාරිකයෙකු වන මනෝහරන් සුන්දරලිංගම් නැමැත්තෙකුටය.
මෙහිදී එම ව්‍යාපාරිකයාට පළමුව රුපියල් ලක්ෂ 4ක දඩ මුදලක් නිම කර ඇති අතර ඒ පිළිබඳව එකඟතාවයකට නොපැමිණීම නිසා අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා විසින් රුපියල් 5,000ක දඩමුදල නියමකර ඇත.
කොළඹ අනවසර ජල වැටලීම් අංශය හා මරදාන පොලිසිය එම වැටලීම කර ඇත.