ජපන් දානපතිනිය කිරිමැටියාන පිරිවෙනේ


ජපානයේ  කියතෝ නගරයේ පදිංචි  දානපති  රියු මයදා කිරිමැටියාන විද්‍යා බන්දු පිරිවනේ ඇයගේ උදව්වෙන් පවත්වාගෙන යන  අකෙබොනෝ පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය නැරඹීමට පැමිණියාය.

මීට වසර 20 ක පමණ පෙරදී ඇයගේ උදව්වෙන් කිරිමැටියාන විමලවංශ හිමියන්ගේ මුලිකත්වයෙන් ආරම්භ කළ පෙර පාසලේ  වර්තමාන තත්වය දැක ඇය සතුටට පත්වූවාය.

මෙවර ඇයගේ අවසන් ලංකා සංචාරය බැවින් ඇය කළ සේවාව අගයමින් විමලවංශ හිමියන් හා අකෙබොනෝ පෙර පාසලේ ප්‍රධාන පාලිකා  චිත්‍රා රංජනී මහත්මිය ඇයට සමරු තිළිණයක් පිරිනැමුවාය.