ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද සීදූව ප්‍රදේශයේ සංචාරයක නිරතවූයේය. සීදූව දවිසමර විද්‍යාලයේ ඉදිකරන ලද ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගෘහස්ථ ක්‍රීඩාංගණය විවෘත කිරීම ජනාධිපතිවරයා අතින් සිදුකෙරිණි.
ඉන් අනතුරුව ජනාධිපතිවරයා සීදූව ශාන්ත මරියා දේවස්ථානයට ගියේය. දෙසැම්බර් මාසයේ දී එම දේවස්ථානය 125 වැනි සංවත්සරය සැමරීමට සූදානම් වෙමින් තිබෙන ආකාරය නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා එහි පැමිණ සිටි ප්‍රදේශවාසීන් පිරිසක් සමග සුහද කතාබහක ද නිරතවිය.
සීදූව සිරිසුගතාරාම විහාරස්ථානයේ අටවිසි බුද්ධ මන්දිරය සහ බෝධී ප්‍රාකාරය විවෘත කිරීමට සවස් කාලයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූයේය.
ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ මහා නායක දවුල්දෙණ ඥාණිස්සර හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය ද ප්‍රදේශවාසී බෞද්ධ බැතිමත්හු රැසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.
රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා, අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් ද මේ සංචාරයට එක්ව සිටියහ.
ඡායාරූප - සුදත් සිල්වා ( ජනාධිපති මාධ්‍ය ඒකකය )








