ජන පවුර ජාතික වැඩසටහන අනුරාධපුරයට


(බිඟුන් මේනක ගමගේ )
 
ළමා අපයෝජන අවම කර සුරක්ෂිත පරිසරයක් සහතික කිරීමේ අරමුණෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ආරම්භ කළ ජන පවුර ජාතික වැඩසටහනේ දෙවැනි පියවර ක්‍රියාත්මක කිරීමට අනුරාධපුරය දිස්ත්‍රික්කය තෝරාගෙන ඇතැයි එහි නිලධාරියෙක්  කීය.
 

ළමා ආරක්ෂාවට අදාළ ජාතික දත්ත පද්ධතියක් ගොඩනැගීමට සමගාමීව දියත් කෙරෙන මෙම වැඩසටහන මගින් ළමයින්ගේ ආරක්ෂාව උදෙසා සක්‍රීය පුරවැසි සහභාගීත්වයක් නිර්මාණය කෙරෙන්නේ යැයි ද එම නිලධාරියා පැවසීය.
 
ජනාධිපති ලේකම් කාර්යාලය හා ඒකාබද්ධව දියත් කෙරෙන මෙම වැඩපිළිවෙල යටතේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක කමිටු පිහිටුවා ළමයින්ගේ ආරක්ෂාවට අදාළ ප්‍රමුඛ ගැටලු හඳුනාගන්නේ යැයි ද ඔහු කීය.
 
මෙම වැඩසටහනෙහි ආරම්භක ව්‍යාපෘතිය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී කුරුණෑගලදී ආරම්භ කළේ යැයි ද එම දිස්ත්‍රික්කයෙහි ප්‍රාදේශීය ළමා ආරක්ෂක කමිටු පිහිටුවා අවසන් යැයි ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය