මැතිවරණයට පෙර ජාතික ආණ්ඩුවක් පිහිටුවා මහ මැතිවරණ කල්දැමීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර නායකයන් සාකච්ඡා කළ ද, ජනතාවට පොරොන්දු වූ පරිදි දින සියයෙන් පසු මහ මැතිවරණයක් පැවැත්විය යුතුය යන්න එජාපයේ ස්ථාවරය යැයි එජාපයේ මාධ්‍ය ප්‍රකාශක අකිල විරාජ් කාරියවසම් මහතා කීවේය.
ඉදිරි මහ මැතිවරණය නව මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතු බවට කැබිනට් අනුමැතියක් ලැබී නැතැයි කී ඇමැති වරයා මැතිවරණ ක්‍රමය කඩිනමින් වෙනස් කිරීම ගැන සාකච්ඡා කළ බව ද පැවසීය.
ඊළඟ මැතිවරණය පැවැත්විය යුත්තේ කුමන ක්‍රමයක් යටතේ ද යන්න ගැන සුළු ජාතික පක්ෂ සමඟ ද සාකච්ඡා කර තීන්දුවක් ගත යුතු බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
එජාපය ජයග්‍රහණය කර සෙසු පක්ෂ සමඟ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට බලාපොරොත්තු වන බව ද කීවේය.
(වීඩියෝ සනත් ඩෙස්මන්)