චෝදනා 3කට ලක්ෂ එක හමාරක් දඩ


(ටෝනි කරුණනායක)

ව්‍යාජ ගමන් බලපත්‍රයක් සහ ව්‍යාජ ආගමන විගමන මුද්‍රා සහ ව්‍යාජ වීසා සහිත ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීම යන චෝදනා තුනට වරද පිළිගත් විත්තිකරුවෙකුට එක් චෝදනාවකට රුපියල් 50,000 බැගින් රුපියල් 150,000ක දඩයක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද (25) නියම කළාය.

පේදුරුතුඩුව තුම්පෙලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 33 හැවිරිදි අගිලන් නවරත්තින රාජා නැමැත්තාට මෙසේ දඩ නියම කෙරිණි.

සැකකරු සන්තකයේ තිබියදී අත්අඩංගුවට ගෙන නඩු භාණ්ඩයක් ලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇති ගමන් බලපත්‍රය විනාශ කරන ලෙසට නියම වු අතර සැකකරුගේ විදේශ ගමන් තහනම ඉවත් කෙරිණි.

සැකකරු චීනය හරහා ප්‍රංශය බලා විදේශ ගත වීමට තැත් කිරීමේදී ඉකුත් ජනවාරි මාසයේ දී චීනයේ සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසුව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදාහැර තිබිණි.