ඝාතනයකට සැකපිට නවගමුවේ ලැගුම් හලක අරක්කැමියා අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නවගමුවේ ලැගුම් හලක නාන කාමරයක් තුළදී තරුණයෙකු පුලුස්සා ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් එම ලැගුම් හලේ අරක්කැමියා සැකපිට අද (30) අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය කියයි.

එම ලැගුම් හලේ පරිපාලන කටයුතු සිදුකරන්නේද එම සැකකරු බව පොලිසිය කියයි.

ඊයේ (29) වැනිදා සවස ඝාතනයට ලක්වූ තරුණයා සහ තවත් පුද්ගලයෙකු ලැගුම් හලට නවැතැන් ගැනීම සඳහා පැමිණ ඇති අතර ඔවුන්ගේ අනන්‍යතාවය සනාථ කිරීමට හැඳුනුම්පතක් හෝ වෙනත් ලියවිල්ලක් ලැගුම්හල බාරව සිටි පුද්ගලයා ලබා ගෙන නොමැති බවද පොලිසිය කීය.