ගෝන මස් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට


(පාලිත නානායක්කාර)
 
හල්දුම්මුල්ල වෑඑළිය ප්‍රදේශයේදී දැවැන්ත ගෝනකු මරා මස් කර ත්‍රී රෝද රථයකින් රැගෙන යමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අද(19) සැකපිට අත්අඩංගුවට ගත් බව හල්දුම්මල්ල සීලතැන්න වනජීවී කාර්යාලය කියයි.
 
කිලෝ 150ක පමණ ගෝන මස් ඔවුන් සතුව තිබී අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන්  අතර උප තැපැල් ස්ථානාධිපතිවරයකු ද වන බව වනජීවි නිලධාරීහු පවසති.                        

සැකකරුවන් දෙදෙනෙකු සොරගුනේ සහ අමිලගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ඔවුහු වැඩිදුරටත් පවසති.                               

සැකකරුවන් අද(19) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.