(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය පොලිස් වසමට අයත් ගණේගොඩ ගොළුවාමුල්ල ප්‍රදේශයේදී ජීව අත් බෝම්බයක් සමග සැකකරුවකු අද (14) දහවල් අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි.
සැකකරු 2009 වසරේ සිට යුදහමුදාවේ සේවය කර 2016 වසරේදී ඉන් ඉවත් වූ අයෙකු බවද පොලිස් පරීක්ෂණ වලදී හෙළිවී තිබේ.
ජේ ආර් වර්ගයේ ජීව අත් බෝම්බය සමග මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත්තේ ඇල්පිටිය විශේෂ කාර්යාංශයේ නිලධාරියකු ලබාදුන් තොරතුරු මතය.
මෙම සැකකරු මත්ද්‍රව්‍ය ළග තබාගැනීමේ චෝදනාව යටතේ මීට පෙර මාස තුනක් පමණ සිරගතව සිටි අයෙකු බවද පොලිසිය කියයි.
ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.