ගොවීහු මහ පාරේ වටිටක්කා විකුණති


(ඔගස්ටින් ප්‍රනාන්දු)

වට්ටක්කා වගා කළ ගොවින්ගේ අස්වැන්න නිසි මිළකට විකුණා ගත නොහැකිවීම නිසා  එම ගොවින් අස්වැන්න අලෙවි කර ගැනිම සඳහා  විවිධ ප්‍රදේශයන් හි මහා මාර්ග අයිනේ තබා ගෙන සිටිනු දැකගත හැකිය.
 

මෙම කන්නයේ දි තමන්ට ඉතා ඉහළ අස්වැන්නක් නෙලා ගත හැකි වි ඇතත් එම අස්වැන්න සදහා නිසි මිළක් ලබා ගැනීම සිහිනයක් වි ඇතැයි ඔවුහු පවසති.
 
වට්ටක්කා මිලට ගැනීමට වගා බිමට එන වෙළෙදුන් වට්ටක්කා කිලෝවක් රුපියල් 15 කට වත් මිළ දී ගැනිමට අකමැති වි ඇති නිසා තමන් දැඩි දුෂ්කරතාවකට මුහුණ දි සිටින බවත් ,ඒ හේතුවෙන්  තමන් සිය අස්වැන්න මෙසේ මහ මාර්ගවල තබා ගෙන පාරිභෝගිකයින්ට  අලෙවි කරන බව ගොවීහු පවසති.
 
රජය,  වට්ටක්කා  මිළ දි ගන්නා බවට මාධ්‍ය මගින් විවිධ ප්‍රචාරයක් ගෙන ගියත් තමන්ට නම් එය සිහිනයක් පමණක් වන බවත් ඔවුහු පවසති.  
 

 මිලක් නොමැති බැවින් බෝහෝ ගොවින් වට්ටක්කා අස්වැන්න නෙලා නොගෙන විනාශවිමට ගොවි බිම් වලම තබා ඇති බවත් ගොවිහු ‍කියති.
 
 මහ මග තබා ගෙන සිටින වට්ටක්කා කිලෝ තුනකට අඩු ප්‍රමාණයේ ගෙඩියක් රුපියල් 50 කටත්  ඊට වඩා වැඩි ගෙඩියක් රුපියල් 100 කටත්  විකුණන බවත් ඔවුහු පෙන්වා දෙති .