ගෙවල් බිඳුම් වලට සම්බන්ධ පුද්ගලයෙකු වෑතරදී අල්ලයි


(ශාන්ත ප්‍රදීප් කුලරත්න)

පොල්ගස්ඕවිට වෑතර ප්‍රදේශයේ නිවාස දෙකක් බිඳ නව ලක්ෂ තිස් දහසක් වටිනා විදේශ මුදල් තොගයක් සහ අසූ දහසක් වටිනා ජංගම දුරකතන හයක් සොරාගත් 20 හැවිරිදි පුද්ගලයකු අද (19) අත් අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි.

සොරාගත් මුදල් වලින් 150.000ක් භාණ්ඩ ලබා ගැනීමට වැය කර ඇති බවත් රුපියල් 52.000ක හෙරොයින් පානය කර ඇති බවත් පොලිසිය කියයි.

සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී සොරාගත් රූපවාහිනියක් ,ජංගම දුරකතනයක්, ගෑස් සිලින්ඩරයක් , ගෑස් උඳුනක් සොයා ගෙන ඇත.

සැකකරු බොරැල්ල සහ වැලිකඩ පොලිස් වසම් වල සිදුකළ ගෙවල් බිඳුම් සම්බන්ධයෙන් වසර පහක් බන්ධනාගාරගතව සිට ඇති බවද පොලිසිය පවසයි.

සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කීය.