ගෙවත්තකින් ජීව අත්බෝම්බයක් සොයා ගනී


(අශෝක තිලකරත්න)
 

  
විතාරන්දෙණිය රොටේ පාරේ නිවසක ගෙවත්තේ කොස් ගසක් යට තිබී ජීව අත්බෝම්බයක් හමු වී ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි.
 
ගෙහිමි කාන්තාව විසින් මිදුල අතුගාමින් සිටින අතරතුරේ කොස් ගස යට සැක කටයුතු පාර්සලයක් තිබෙනු දැක  ඒ බව පොලිසියට දැන්වීමෙන්  පසු පොලිස් නිලධාරීන් පැමිණ මෙම බෝම්බය සොයා ගෙන තිබේ.
 
අම්බලන්තොට විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් අද (25) මෙම බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට නියමිතය.
 
සිද්ධිය සම්බන්ධයෙන් වීරකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.