(ඔගස්ටින් ප්‍රනාන්දු)
මහකුඹුක්කඩවල පුනවිටිය ප්‍රදේශයේදී ගෙල සිර කර 67 හැවිරිදි දෙදරු මවක ඝාතනය කර ඇය පැළඳ සිටි පවුම් එකහමාරක රං මාලය කොල්ල කා පලා ගොස් සැඟව සිටි සැකකරුවන් දෙදෙනෙක් බිබිල මැදගම සහ රත්මලාන ප්‍රදේශයේ සැඟව සිටියදී අද (15) අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය කියයි.
මියගිය කාන්තාවගේ ගෙල වයරයකින් සිර කර ඝාතනය කර තිබියදී සොයා ගත් බව පොලිසිය පවසයි.සොරාගත් රන් මාලය රත්මලාන බැංකුවක් වෙත උකස් කර තිබිය දී සොයා ගෙන තිබුණි.
සැකකරුවන් වයස අවුරුදු 32 හා 20 වයසේ පසුවන්නෝ වෙති. සැකකරැවන් හෙට (16 ) ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.