ගෙදර ගංජා පැළ සිටවූ ස්වීඩන් ජාතිකයා අත්අඩංගුවට


 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)                              

මුල්ලේරියාව හල්බරාව උද්‍යානයේ  දෙමහල් නිවසේ   ගංජා පැළ වැවූ  ස්විඩන් ජාතිකයකු අද (27)  අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය කියයි.                            

එම සැකකරු සමඟ විවිධ ප්‍රමාණ වලිනුත් ගංජා පැළ 7 ක් පොලිස් බාරයට ගෙන ඇත .

මුල්ලේරියාව හල්බරාව උද්‍යානයේ නිවසක ගංජා පැළ තවානක් තිබෙන බවට  නුගේගොඩ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය  වැටලීමේ ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආසිරි ජයසූරිය මහතාට ලද තොරතුරක් අනුව  වැටලීම සිදු කළ බව පොලිසිය කියයි.