ගුරුකන්ද රජමහා විහාරයේ නඩුව කල් යයි


 ( රොමේෂ් මධුෂංඛ)


මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ දෙපාර්ශවයක් අතර ඇතිවූ සාමය කඩවීමක් සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයේ ගොනුකොට ඇති නඩුව අද (15)කැඳවු අවස්ථාවේදී නඩුව ලබන මාර්තු 22 වනදා දක්වා කල්දැමීමට මුලතිව් මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා නියෝග කළේය.
 
පවතින නඩුවේ තවත් එක් වාර්තාවක් පරිවර්තනය නොවීම හේතුවෙන් එම වාර්ථාවද පරිවර්තනය කිරීමෙන් අනතුරුව නඩු තීන්දුව 22 වනදා වන විට ලබා දිය හැකි බවට මුලතිව් මහෙස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් මහතා දැනුම් දුන් බවට මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රෝහණ තල්පාවිල මහතා කියා සිටියේය.
 
එමෙන්ම ලබන මාර්තු මස 22 වනදා දක්වා ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ කිසිදු ඉදිකිරීමක් සිදු නොකරන ලෙසටද මුලතිව් මහේස්ත්‍රාත් වරයා විසින් විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ට දැනුම් දෙනු ලැබීය.