(ක. ග. කරුණාරත්න)
පොළොන්නරුව අධ්‍යාපන කලාපයට අයත් පුලස්තිපුර, අභයපුර විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන්ගේ මාපියෝ සහ ප්‍රදේශවාසීහු පිරිසක් අද (22) පුලස්තිපුර අභයපුර මංසන්ධියේදී උද්ඝෝෂණයක නිරත වූහ.
ගුරු හිඟයට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ඔවුහු මෙසේ උද්ඝෝෂණයේ යෙදුණහ.
පොළොන්නරුව - සෝමාවතිය ප්‍රධාන මාර්ගයද අවහිර වන ලෙස විරෝධතාව පැවැත්වීම නිසා රථවාහන ගමනාගමනයට ද බාධා එල්ල වූ බව පොලීසිය පවසයි.
ප්‍රදේශවාසීහු 250 කට ආසන්න පිරිසක් මේ උද්ඝෝෂණයට එක්ව සිටියහ.