( පාලිත ආරියවංශ )
ඌව පළාත් ගුරු විභාගය සමත් සහ ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමය , සංවිධානය කළ නිහඩ විරෝධතාවයක් ඌව පළාත් සභාව ඉදිරියේදී අද (25) දා පැවැත්විණ .
තමන්ගේ රැකියා ප්‍රශ්නයට විසදුම් ලබානොදීමට විරෝධය දක්වමින් ඔවුහු මෙසේ විරෝධතාවේ නියැලි සිටිති.
මෙම සංගමයේ කැදවුම්කරු තැන්නේ ඤානානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධානය කළ මෙම විරෝධතාවයට සහභාගිවූ ගුරු විභාගය සමත් රැකියා විරහිත උපාධිධාරිහු කලුපටි හිසේ බැඳ මුව ආවරණ පැළඳ සටන් පාඨ ලියූ පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම විරෝධතාවයට සහභාගි වී සිටියහ .
ඌව පළාත් සභාවට බදුල්ල පොලිසිය විශේෂ පොලිස් ආරක්ෂාව යොදා තිබිණි .